පංච පුද්ගල ඝාතනයකට චෝදනා ලැබ සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනියුක්තව සේවය කළ නිලධාරීන් 12 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.
2006 වසරේ ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුමේ දී පුද්ගලයන් 5 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බවට අදාල නිළධාරීන් චෝදනා ලැබ සිටිය හ.
සිද්ධියට අදාල නඩුව ඊයේ(03) ත්‍රිකුණාමලය මහාධිකරණයේදී විභාගයට ගෙන ඇති අතර ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් චූදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබේ. මීට ඉහත පැවති අධිකරණ ක්‍රියාවලියකින් ද අදාල නිලධාරීන් නිදොස් කොට ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පවසා තිබේ.
Views: 0










