වැඩ තහනමට ලක්වූ සේවකයෙකු නැවත සේවයේ පිහිටුවන ලෙස අමාත්‍යාංශ බලධාරීන් බලපෑම් කිරීමට විරෝධය දක්වමින් ඊයේ(03) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භකර ඇති දුම්රිය වර්ජනය හේතුවෙන් මේ වන විට කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය සේවා මුළුමනින්ම පාහේ අඩාලවී තිබේ.
බීමත්ව සේවයේ යෙදී සිටීම හේතුවෙන් විනය ක්‍රියාමාර්ගයක් ලෙස වැඩ තහනමට ලක්වූ දුම්රිය වෘත්තීය සමිති ලේකම්වරයෙකු නැවත සේවයේ පිහිටුවන ලෙස අමාත්‍යාංශ බලධාරීන් සිදුකරන බලපෑම් හේතුවෙන් පසුගිය දා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිය තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබේ.
පසුව දුම්රිය ශ්‍රේණිගත හා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති 85 කට අධික සංඛ්‍යාවක් ඊයේ(03) පස්වරුවේ දන්වා සිටියේ මෙම බලපෑම් නවත්වා නීත්‍යානුකූලව කටයුතු කරන තෙක් අඛණ්ඩව වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවය.
Views: 0










