ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් බිඳ වැටෙයි

ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා කිහිපයක් බිඳ වැටෙයි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ලොව පුරා බිඳවැටිමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයටද වට්සැප් සම්බන්ධතාවයන්හි බිදවැටීමක් සිදුවී ඇතැයි අද (03) පස්වරු 7.20 පමණ සිට පැමිණිලි ලැබුණ බවත් මේ පිළිබඳව සිදුකළ සොයාබැලීමකදී වට්සැප් යෙදුම හරහා ඡායාරෑප, වීඩියෝපට සහ අනෙකුත් මාධ්‍ය යැවීමේදී හා ලබාගැනීමේදී ඒ සඳහා දිගු වෙලාවක් ගතවන බවත් යම් පරිශීලකයන් ප්‍රමාණයකට කිසිදු ඡායාරුප ඇතුළු මාධ්‍ය යැවීමට හෝ හාගතකරගැනීමට සම්පුර්ණයෙන්ම හැකියාවක් නොමැති තත්වයක් උද්ගතව ඇති බව හෙළි වූ බවත් එම සංගමය පවසයි.

වට්සැප් බිදවැටීම පසු ෆේස්බුක් සහා ඉන්ස්ටග්‍රෑම් අඩවිද බිදවටිමකට ලක්ව ඇතැයිද ඔවුන් සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වනවිට අනාවරණය වන්නේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ලොව පුරා බිදවැටීමට හේතුව සර්වර් ගැටලුවක් බවයි.

මෙය ලොව පුරා සිටින පරිශීලකයන්ට බලපා ඇති බැවින් කඩනමින් තම සේවාවන් යථාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් පවතින බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn