කසල තේ කිලෝ 33,685ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කසල තේ කිලෝ 33,685ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් එක්ලක්ෂ පනස් දහසකට අධික වටිනාකමකින් යුත් කසල තේ කිලෝග්‍රෑම් 33,685ක් සමඟ පුද්ගලයෙකු කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිළධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම කසල තේ තොගය සොයාගෙන ඇති අතර විද්‍යුත් තරාදි 02ක්, විවිධ නාමයන් සහ අංක යොදා සකස් කළ නාම පුවරු 59ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සහ භාණ්ඩ තොගය සම්බන්ධව ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Facebook
Twitter
LinkedIn