පොහොට්ටුවේ නාරම්මල උප සභාපති 3 වැනිදා දක්වා රිමාන්ඩ්

පොහොට්ටුවේ නාරම්මල උප සභාපති 3 වැනිදා දක්වා රිමාන්ඩ්

නාරම්මල පොලිස් ස්ථානය තුළදී කොස්තාපල්වරයෙකුට පහරදුන් පොහොට්ටු පක්ෂයට බලය හිමි නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පල ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඊයේ රාත්‍රී 10.45ට පමණ උපසභාපතිවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පසුව අත්අඩංගුවට ගත් උපසභාපතිවරයා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරමෙන් පසු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

Facebook
Twitter
LinkedIn