නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලෙස කටයුතු කරන මංජුල පොල්ගම්පොළ, පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.
උප සභාපතිවරයා නාරම්මල පොලිස් ස්ථානය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඇති අතර මේ වනවිට ඔහු රෝහල් ගතකර තිබේ.
ඊයේ(29) රාත්‍රි 10.45ට පමණ පහරදීම සිදුවී ඇති බවත් අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
Views: 0









