පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු මීගමුව දළුපොත ප්‍රදේශයේ සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මත්ද්‍රව්‍ය චෝදනා මත ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් මීගමුව දළුපොත ප්‍රදේශයට රැගෙන ගොස් සිදුකළ විමර්ශනවලදී මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
පසුගිය පෙබරවාරි මස 5 වැනිදා මාකඳුරේ මධූෂ් ඇතුළු 31 දෙනෙකු ඩුබායිහිදී පැවති සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය චෝදනා මත ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මැයි මස 5 වැනිදා එම පිරිසෙහි අවසන් සාමාජිකයා ලෙස මාකඳුරේ මධූෂ් මෙරටට පිටුවහල් කළේය.
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන මොහු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරයි.










