ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු – ජවිපෙ තවත් විරෝධතාවයක් අනුරාධපුරයේදී

ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු – ජවිපෙ තවත් විරෝධතාවයක් අනුරාධපුරයේදී

රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු! යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා සංවිධානය කර ඇති විරෝධතා පාගමන් සහ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අධියරක් ඊයේ(28) අනුරාධපුරයේදී පැවැත්විණි.

ලෝක බලවතුන් ඉදිරියේ තෙල් ටැංකි, වරාය, ඉඩම් ඇතුළු මෙරට සම්පත් කුණු කොල්ලයට විකුණමින්, රට පාවාදෙන ගිවිසුම් අත්සන්කරමින් සහ බදු බරෙන් හා බඩු මිලෙන් ජනතාව පෙළන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ බලකර සිටියි.

මෙම ආණ්ඩු විරෝධී පාගමන සහ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අනුරාධපුර නගරයේ පැවැත්වූ අතර එයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා ඇතුළු එම පක්ෂ සාමාජිකයන්, සිවිල් සංවිධාන ක්‍රියාදරයන්, උගතුන්, බුද්ධිමතුන්, ගොවි, කම්කරු, ශිෂ්‍ය, කාන්තා හා තරුණ බලවේග රැසක් එක්ව සිටයහ.

Facebook
Twitter
LinkedIn