2011 උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල වලට මතුවී ඇති ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකීම මෙතෙක් භාරගෙන නැතැයි පාසැල් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පළාත්සභා මන්ත්‍රී නලීන් හේවගේ මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ දැනට නිකුත්කර ඇති ප්‍රතිඵල වහාම අත්හිටුවා මසක් ඇතුළත ප්‍රතිඵල නිකුත් කිරීමට අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කළ යුතු බවයි. මෙම ප්‍රතිඵල අවුල හේතුවෙන් ලක්ෂ 3කට ආසන්න ශිෂ්‍ය ප්‍රජාවක් සහ ලක්ෂ 5 කට ආසන්න දෙමාපියන් පිරිසක් පීඩනයට ලක්ව ඇති බවයි.
මෙම ප්‍රතිඵල අවුලට විරෝධය දක්වමින් 05 වැනිදා කොළඹ කොටුව දුම්රියපල අසල දී විරෝධතා බැනරයක් අත්සන් කරන බවත් එම විරෝධය ආණ්ඩුවට ප්‍රමාණවත් නොවන්නේනම් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වන බවත් එයත් ප්‍රමාණවත් නොවන්නේ නම් එය මාරාන්තික උපවාසයක් දක්ව දියත් කරන බව ඔහු පැවසීය.
5









