රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක (රු. 14,800,000) මුදලක් සමඟ ඊයේ (29) තවුහීත් ජමාත් සංවිධානයේ සමාජිකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිමඩ බොරගස් ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිල්ලක පහත මහළ වෙළදසලට බදු දී දෙවන මහලේ සැකකරු සිය පවුල සමඟ පදිංචිව සිටි ඇති අතර එහි අබලි ද්‍රව්‍ය ගබඩා කරන කාමරයක තිබි මෙම මුදල සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
එම මුදල් සොයාගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂය බැගින් වූ මිටි සැක සහිත ලෙස බාල්දියක සහ පෙට්ටිය සගවා තිබී ඇත.
මෙම ගොඩනැගිල්ලේ හිමි කරු වන 57 වියැති සැකකරු එම මුදල් ලැබුණ ආකාරය පිළිබදව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරිමට අසමත් වූ බවද පොලිසිය සදහන් කරයි.
සැකකරු තවුහීත් ජමාද් සංවිධානයේ සාමාජිකයෙක් බව විමර්ශනවලදි අනාවරණය වි ඇති අතර මුදල් විශුද්ධිකරන පනත යටතේද ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී ඇත.
ඔහුට එම මුදල් ලැබුනු ආකාරය පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරයි.









