සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීමට තිබූ අවහිරතාවය ඉවතට

සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීමට තිබූ අවහිරතාවය ඉවතට

සියළු සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමට තිබූ බාධාව ඉවත් කර තිබේ.

පසුගිය පාස්කු ඉරිදා(21) එල්ලකල මිලේච්ඡ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු සමාජ මාද්‍ය ජාල හරහා අසත්‍ය ප්‍රචාර පැතිරයාම වැලැක්වීමට බව පවසමින් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කළේය.

කෙසේ වෙතත් සතියකට අධික කාලයක් පැවති අවහිරතාව මීට සුළු මොහොතකට පෙර ඉවත් කර ඇත.

මෙලෙස සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Facebook
Twitter
LinkedIn