ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් ස්ථාපිත කෙරේ

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් ස්ථාපිත කෙරේ

යුධ, ගුවන් හා නාවික හමුදා මෙන්ම පොලිස් වසම් එක්කර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක් පිහිටුවා තිබේ.

බස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද්ධ හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය – කොළඹ යටතට පත්කර ඇති බව අද(29) පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරියා වශයෙන්, බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා  පත්කර තිබේ.

නාවික හමුදාවේ රියර් අද්මිරාල් ඩබ්.ඒ.එස්.එස් පෙරේරා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් ඩබ්.එල්.ආර්.පී රුද්‍රිගු සහ පොලිස් අධිකාරී එල්.කේ.ඩී අනිල් ප්‍රියන්ත යන නිලධාරීන් අදාළ සේවාවන්හි සහ පොලීසියේ සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස මෙම මූලස්ථානයට පත්කර ඇත.

මෙම ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යටතේ වහා ක්‍රියාත්මක වන පරිදි පිහිටුවා ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇත.

 

Facebook
Twitter
LinkedIn