මධූෂ්ගේ හිතවත් අබුබකර් ‌මොහොමඩ් බදුර්දීන් CCD බාරයට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් පැවැත්වූ ඩුබායි සාදයේ සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඊයේ(24) අත්අඩංගුවට ගත් අබුබකර් මොහොමඩ් බදුර්දීන් නැමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී තිබේ.

සැකකරු ඊයේ අළුයම මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකළ අතර එහිදී මාකඳුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බව අනාවරණය වී ඇත.

අනතුරුව ඊයේ පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට සැකකරු බාරදී තිබේ.

මේ වනවිට ඩුබායි සාදයේදී අත්අඩංගුවට ගත් 31 දෙනා අතුරින් 30 දෙනෙකුම මෙරටට පිටුවහල් කර ඇති අතර මාකඳුරේ මධූෂ් පමණක් ඩුබායි අත්අඩංගුවේ පසුවෙයි. ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාර කටයුතුකරන තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසත් එසේ කිරීමෙන් ඩුබායිහි පවතින තම ව්‍යාපාර කටයුතු අවහිර වන බවත් පවසා මධූෂ් එරට අධිකරණයක පැමිණිල්ලක් ද ගොනුකර තිබේ.

Facebook
Twitter
LinkedIn