ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වේ

හෙට(26) දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති, කතානායක කරූ ජයසූරිය මහතාගේ මූලිකත්වයෙන් හෙට පෙරවරු 10.00ට මෙය රැස්වීමට නියමිත අතර එහිදී නව අගවිනිසුරුවරයා සහ විගනකාධිපතිවරයා පත්කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

මෙම පත්කිරීම් සම්බන්ධව මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී නැතැයි ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn