පුද්ගලයෙකුට පහරදුන් පුත්තලමේ පොහොට්ටුවේ විපක්ෂ නායක රිමාන්ඩ්

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා ලැබ, අත්අඩංගුවට ගැනීමෙන් පසු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුද්තලම දිස විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කලේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ  පුත්තලම අට්ටවිල්ලුව – බෝධිරාජපුර පදිංචි  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වූ රදික සංජීව යන අයයි.

විපක්ෂ නායක පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයාගේ  වැඩිමල් සොයුරියකුගේ නිවසට ගොස් බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව, පුත්තලම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරයකුගේ  රියදුරකු මෙලෙස පැහැරගෙන ගොස් පහර දී තිබුණි.

පහරදීමෙන් පසු විපක්ෂ නායකවරයා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

විපක්ෂ නායකවරයාගේ පහර කෑ  රියදුරු  පුත්තලම මූලක රෝහලේ ප්‍රතිකාර  ලබා පිටව ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Facebook
Twitter
LinkedIn