ත්‍රස්ත ප්‍රහාරකයාට ISIS සම්බන්ධතා… ?

ත්‍රස්ත ප්‍රහාරකයාට ISIS සම්බන්ධතා… ?

පසුගිය 21 වනදා සංචාරක හෝටල් සහ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන 08කට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මෙහෙයවූ ප්‍රධානියා ලෙස හඳුනාගෙන ඇති “ජාතික තව්හිද් ජම්මාත්” නැමති සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාම් හෙවත් සහරාම් හශීම් නැමැත්තා අන්තවාදී අයි.එස්.අයි.එස් සංවිධානයේ පුහුණුව ලබා ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

www.dailymail.co.uk වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි “ජාතික තව්හිද් ජම්මාත්” සංවිධානය ගැන මෙරට මුස්ලිම් ප්‍රජාව සහ වෙනත් මුස්ලිම් සංවිධාන විසින් රජය දැනුවත් කර තිබී ඇත. එහෙත් එම දැනුවත් කිරීම්වලින් පළ නොවූ බව අවසානයේ පෙනෙන්නට තිබේ.

මොහොමඩ් කාසීම් මොහොමඩ් සහරාම් හෙවත් සහරාම් හශීම් නැමැත්තා අබූ උබයිඩා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇති බවට විදේස් මාධ්‍ය වාර්තා කරයි.

අබූ උබයිඩා ISIS සංවිධානයේ විශාල කොඩියක් ඉදිරිපස ගිනිඅවියක්ද අතැතිව සිටිමින් ගෙන ඇති ඡායාරූපයක්ද එම වෙබ් අඩවිය විසින් නිකුත් කර තිබේ.

එමෙන්ම ISIS සංවිධානය විසින් නිකුත් කර ඇති චායාරූප පෙළක් අඩංගු වීඩියෝවක් නිකුත් කරමින් ඒශියාටයිම්ස්  (www.asiatimes.com) වෙබ් අඩවිය  සඳහන් කර ඇත්තේ  21 ප්‍රහාර සඳහා පැමිණි පිරිස ඔවුන් බවය.

ඒ අනුවද ප්‍රශ්නයක් ලෙස නැගෙන්නේ මෙම ප්‍රහාර සඳහා පැමිණි පිරිස ISIS සංවිධානයේ අනුග්‍රහය ලැබූවන් බවය.

මූලාශ්‍ර – 1

මූලාශ්‍ර – 2

 

Facebook
Twitter
LinkedIn