බෝම්බ පුපුරුවා හැරීමකට හෝ වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවකට යොදවා ගැනීම සඳහා අංක 15-0316 දරන ලා නිල් පැහැති කාර් රථය හා CBF – 1668 දරණ සුදුපාට කාර් රථය පූගොඩ ප්‍රදේශයේ ගැවසෙන බවට සඳහන් කරමින් සීතාවකපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී වරයා මගින් පොලිස් කොට්ඨාස කිහිපයකට අද (23) දැනුම් දී තිබේ.
ඒ අනුව කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා, නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ කෑගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට මෙම දැනුම්දීම සිදු කර ඇත.
පෙට්‍රල් වර්ගයේ සුදු වෑන් රථයද විශේෂ සැලකිල්ලකින් සෝදිසියට ලක් කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එම සම්පූර්ණ නීවේදනය පහතින් පල වේ.
Views: 0











