සියළු රජයේ පාසල් ලබන 29 දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
පසුගිය සඳුදා(22) දින පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර දිවයින පුරා සිදුවූ බෝම්බ පිපිරීමේ සිදුවීම් හේතුවෙන් එය දින දෙකක් කල් තැබිණි.
කෙසේ වෙතත් මේ වනවිට රටතුළ පවතින ව්‍යාකූලත්වය සැළකිල්ලට ගෙන ලබන 29 වැනිදා දක්වා රජයේ පාසල් සියල්ල වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
Views: 0










