බෝම්බ ප්‍රහාරයට සැකපිට 40ක් අත්අඩංගුවට

පසුගිය දා සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට සැකපිට පුද්ගලයන් 40 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ අතර සිරියානු ජාතිකයෙකු ද වනබව වාර්තා වේ.

දිවයිනේ ප්‍රදේශ රැසක සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුර මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 26 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇත.

තුන් දෙනෙකු ත්‍රස්ථ විමර්ශන කොට්ඨාසය භාරයේ ඇත.

Facebook
Twitter
LinkedIn