පසුගිය ඉරිදා(21) ෂැංග්‍රිලා හෝටලේ පරිශ්‍රයේ පුපුරාගිය බෝම්බ ප්‍රහාරයට ලක්ව මියගිය ඉන්දීය ජාතිකය්න් 8 දෙනා අතුරින් 5 දෙනෙකු ඉන්දීය ජනතා දාල් පක්ෂයේ දේශපාලන ක්රියාකාරිකයන් බව කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය H.D. කුමාරස්වාමි මහතා සඳහන් කරයි.
පසුගිය 18 වැනිදා පැවති ඉන්දීය මහමැතිවරණයේ දෙවැනි අධියරේ කටයුතු නිමවීමෙන් පසු මෙරටට පැමිණි දේශපාලන ක්‍රියාකාරිකයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ නතරවී ඇති අතර එහිදී ඔවුන් බෝම්බ ප්‍රහාරය ලක්ව ඇත.
ප්‍රහාරයට ලක්වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධව මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැති බව ද ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබේ.
Views: 0










