බෝම්බ ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් ගණන 45 දක්වා ඉහළට

බෝම්බ ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන් ගණන 45 දක්වා ඉහළට

පසුගිය දා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් විදේශිකයන් 45 දෙනෙකු මියගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මියගිය විදේශීය ජාතිකයින්ගෙන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර තවත් 14 දෙනෙකුගේ සිරුරු මෙතෙක් හඳුනාගෙන නොමැත. එම හඳුනා නොගත් සිරුරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තැන්පත් කර තිබේ.

ඒ අනුව බංගලාදේශ ජාතිකයන්,චීන ජාතිකයින් දෙදෙනෙකු ඉන්දීය ජාතිකයින් 8 දෙනෙකු,නෙදර්ලන්ත ජාතිකයින්,පෘතුගාල ජාතිකයකු,ස්පාඤ්ඤ ජාතිකයෙකු,තුර්කි ජාතිකයෙකු,බ්‍රිතාන්‍ය ජාතිකයන් 6 දෙනෙකු ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසිභාවය හිමි දෙදෙනෙකු ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි විදේශීකයින් දෙදෙනෙකු  මිය ගොස් ඇති බව හඳුනාගෙන ඇතැයිද එම අමාත්‍යාංශය පවසයි.

තුවාල ලැබූ විදේශීය ජාතිකයන් 17 දෙනෙකු කොළඹ ජාතික ජාතික රෝහලේ සහ පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn