පසුගිය ඉරිදා(21) සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිවලින් මියගිය ගණන 310 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින මියගොස් ඇති අතර මේ වනවිට මෘත දේහ 151ක් ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ඉන් 109 දෙනෙකු හඳුනාගෙන ඇති අතර අනෙක් මෘත දේහ හඳුනාගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වේ.
එසේම හඳුනාගැනීමට නොහැකි පුද්ගල අවයව කොටස් ජාතික රෝහලේ තැන්පත් කර ඇත.
මේ වනවිට තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 500කට අධික වේ.
පිපිරීමේ සිද්ධිය හේතුවෙන් මෙතෙක් තොරතුරක් නොමැති පුද්ගලයින් සම්බන්ධව ළඟම ඥාතියෙකු පැමිණ කොළඹ පිහිටි අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත තොරතුරු ලබාදෙන්නැයි ඊයේ දින නිවේදනය කර තිබිණි. එය ඉදිරි හඳුනාගැනීමේ කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන බව අදාල බලධාරීන් පවසයි.
Views: 0










