සවස 1.00ට පාර්ලිමේන්තුව රැස්වේ

සවස 1.00ට පාර්ලිමේන්තුව රැස්වේ

අද(23) පස්වරු 1.00 සිට 2.00 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

එහිදි අග්‍රාමාත්‍යවරයාත් විපක්ෂ නායකවරයාත් රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ සිදුකිරීම නියමිතව තිබේ.

හදිසි නීතියට අදාළ රෙගුලාසී පිළිබදව ඊයේ (22) මධ්‍යම රාත්‍රී නිකුත් වූ ගැසට් පත්‍රය ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ පිළිබද විවාදය හෙට (24) පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකිරීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කළේය.

මේ අතර ඊයේ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල කාර්යාලයේ දී පක්ෂ නායක රැස්වීමක් පැවැත් විය.

එහිදි රට තුළ ඉදිරි ආරක්ෂක තත්ත්වයන් පිළිබදව දැඩි අවධානය යොමුව ඇති අතර මේ අවස්ථාවට පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ද කැඳවා තිබේ.

Facebook
Twitter
LinkedIn