ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරයි

ඊයේ(22) රැස්වූ ආරක්ෂක මණ්ඩල තීරණයක් අනුව ජනාධිපතිවරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ත්‍රස්තවාදය මර්ධනයට අදාල වගන්ති පමණක් හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමට ඒ අනුව තීරණය විය.

මහජන ආරක්ෂක පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන මේ අනුව ක්‍රියාත්මකවීමට නියමිතය.

මේ අනුව රටේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට බලය පැවරෙන අතර මහජන ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත් වේ.

ඒ අනුව වරෙන්තුවක් නොමැතිව සාධාරණ සැකයක් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමටත් ආරක්ෂක අංශවලට හැකිය.

Facebook
Twitter
LinkedIn