ඊයේ (21) සිදුවූ ප්රහාරය හේතුවෙන් හෙට (23) ප.ව 01.00 සිට ප.ව02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වී සාකච්ඡා කිරීමටත් එහිදී අග්රාමාත්යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්රකාශයන් සිදුකිරීමටත් කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් අද (22) රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඊයේ (21) රට තුළ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය පිළිබඳව මෙන්ම ඉදිරි ආරක්ෂක තත්වයන් පිළිබඳවද මෙහිදී දැඩි ලෙස අවධානය යොමු කර ඇත.
අද දින පක්ෂ නායක රැස්වීම හමුවට පොලිස්පතිවරයාවද කැඳවා තිබී ඇති අතර මේවනවිට පවතින තත්වය පිළිබඳව දීර්ඝ ලෙස කථානායකවරයා ඇතුළු පක්ෂ නායකයන් විසින් කරුණ විමසා තිබේ. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගතහැකි උපරිම ක්රියාමාර්ග සඳහා පූර්ණ ලෙස අවධානය යොමු කරන ලෙසටද මෙහිදී උපදෙස් දී තිබේ.
Views: 0










