හදිසි නීතිය යටතේ ත්‍රස්තවාදය මර්ධනය‍ට අදාළ වගන්ති ගැසට් කෙරේ

හදිසි නීතිය යටතේ ත්‍රස්තවාදය මර්ධනය‍ට අදාළ වගන්ති ගැසට් කෙරේ

අද (22) මධ්‍යම රාත්‍රි 12 සිට ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයන් ජාතික ආරක්ෂක මණ්ඩලය අද රැස්වූ අවස්ථාවේදීය.

රටේ සහ ජනතාවගේ  ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇත.

ඊයේ සිදු කළ ත‍්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළව අත්අඩංගුවට ගත් ත‍්‍රස්තවාදීන් සහ අනුබල දුන් තවත් බලවේග ඇත්නම් එම සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම විනාශ කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවත් ඒ පිළිබද ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දුන් බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn