පසුගිය 13, 14, සහ 15 යන තෙදින තුළ පුද්ගල ඝාතන සිද්ධි 9ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඝාතන සිද්ධීන් 9 කට පුද්ගලයින් 11 දෙනෙකු පමණ ජීවිතවලින් වන්දි ගෙවා ඇති බවය.
මේ සම්බන්ධව සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම ඝාතනවලන් වැඩි ප්‍රමාණයක් බීමතින් සිට සිදුකර ඇති බවය.
බීමත්ව කලහාකාරී ලෙස හැසිරීමෙන් වැඩි වශයෙන් මෙවැනි ඝාතන සිදුව ඇතැයි ද පැවසු මාධ්‍ය ප්‍රකාශකවරයා, ඒ අනුව සෑම පොලිස් ස්ථානයකටම ජංගම මුර සංචාර මඟින් ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නැයි උපදෙස් ලබා දී ඇතැයි ද පැවසීය.
එසේම බීමත්ව කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා මහජන සහය ද අපේක්ෂා කරන බවත් පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.










