ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ මහා මණ්ඩල රැස්වීම සඳහා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් කල්පනා මධුභාෂිනී මෙනවිය පසුගිය දා එක්ව සිටියහ.
මෙම මස 9, 10, 11 යන තෙදින තුළ වෙනිසියුලාවේ කරකාස් හි පැවති ලෝක ප්රජාතන්ත්රවාදීතරුණ සම්මේලනයේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව සමගමීව ලෝක සාම මණ්ඩලය සහ ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය එක්ව සංවිධානය කරන වෙනිසියුලානු සහයෝගිතා වැඩසටහනටද ඔවුන් සහභාගී වී තිබිණි.
එසේම එක්සත් සමජවාදී පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂයේ නායකයින් සමග සාකච්චා ඔවුන් සාකච්ඡා පවත්වා තිබේ.
එය අප්‍රේල් 12,13,14 දිනයන්දී පැවැත්වූ අතර ඒ සදහා ශ්‍රී ලංකාවේ සාමය සහ සහයෝගිතා සංවිධානය (PASOS) නියෝජනය කරමින් ඉතාලියේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක සහ ජවිපෙ මධ්‍යමකාරක සභික සුදත් අධිකාරී මහතාද එක්ව සිටියහ.
















