වතු කම්කරු ගැටළුවලට ජවිපෙ මැදිහත්වීම සම්බන්ධව කැනඩාවේ ලාංකිකයන්ගෙන් ප්‍රශංසා

වතු කම්කරු ගැටළුවලට ජවිපෙ මැදිහත්වීම සම්බන්ධව කැනඩාවේ ලාංකිකයන්ගෙන් ප්‍රශංසා

වතු කම්කරු ගැටළුවලට මැදිහත්වීම සහ ජාතිවාදයට එරෙහිව ජවිපෙ ස්ථාවරයත් ඒ අනුව ගෙන යන වැඩපිළිවෙලත් සම්බන්ධව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රශංසා හිමිව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය දා කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරසක් හමුවූ අතර එහිදී පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මුහුන දෙන දෛනික වැටුප් ප්‍රශ්නය පිළිබඳවත් ඔවුන් මුහුනදෙන ජීවන ගැටළු පිළිබඳවත් විශේෂ අවධානයට යොමුව ඇත.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් වතු කම්කරු ජනතාව සම්බන්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ඔවුන්ගේ විශ්ෂ ස්තුතිය හිමිවූ අතර ඒ සඳහා ඔවුන්ගේ නොමද සහයෝගය ලබාදෙන බව ද පවසා තිබේ.

මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා කමිටුවේ සංවිධායක නිහාල් ප්‍රේමලාල් සහෝදරයා ඇතුලු නියෝජිතයින් පිරිසක් සහභාගී විය.

Facebook
Twitter
LinkedIn