ඊයේ(15) උදෑසන 6.00 සිට අද උදෑසන 6.00 දක්වා සිදුකළ වැටලීම්වලදී බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
දිවයිනම ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකර ඇති අතර එම පැය 24ක කාලය තුළ රථවාහන සම්බන්ධ නඩු 5519ක් ලබාගත් බව ද පොලීසිය සඳහන් කරයි.
ත්සව සමයේ අනතුරු අවම කර ගැනිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කළේය.ඒ අනුව මේ වන විට බීමත් රියදුරන් 1270 දෙනෙකු අත්අඩංගුවට ගෙන රථ වාහන සම්බන්ධයෙන් නඩු 34,980ක් ලබා ගෙන තිබේ.
Views: 0










