සබීතාගේ ගොඩනැගිල්ල මිලට ගෙන ඇත්තේ තක්සේරු වටිනාකමට වඩා මිලියන 8කටත් වැඩියෙන්

සබීතාගේ ගොඩනැගිල්ල මිලට ගෙන ඇත්තේ තක්සේරු වටිනාකමට වඩා මිලියන 8කටත් වැඩියෙන්

ආන්දෝලනයට තුඩු දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ රාජගිරිය පිහිටි නව ගොඩනැගිල්ල මිලදී ගැනීමේ දී එහි වටිනාකම රුපියල් මිලියන 13.5ක් බවට තක්සේරු කළ ද රුපියල් මිලියන 21කට එය මිලදී ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පවතා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මුදලකට නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී සිදුව ඇති දූෂණ සහ වංචා මගින් රජයට පාඩු සිදුකර ඇති බවට ඉදිරිපත්කර තිබූ පැමිණිල්ලට අදාලව රජයේ දූෂණ වංචා සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම ඊයේ(08) රැස්වූ අවස්තාවේ හිමාලි හඳුන්හේවා මහත්මිය මේ බව පවසා තිබේ.

එසේම ඒ මහත්මිය වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් පවසා සිටියේ නව ගොඩනැගිල්ලේ පහසුකම් සහ භාණ්ඩ ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හරහා රුපියල් මිලියන 466ක මුදලක් ද ලබාගත් බවය.

විශාමලත් ශ්‍රේඨාධිකරණ  විනිසුරු  උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පස් පුද්ගල කොමිෂන් සභාවක් විසින් සාක්ෂි විමසීම සිදුකළ අතර පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන 23 වැනිදා 9.30ට කල් තැබූ අතර එදිනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයාටද මේ සම්බන්ධයෙන් සාක්කි දීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කෙරිණි .

Facebook
Twitter
LinkedIn