රජයේ නිල වෙඩ් අඩවියටත් සයිබර් ප්‍රහාරයක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල පුවත් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා සඳහන් කරයි.

යම් පිරිසක් සිය වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කිරීමට උත්සහ දරා ඇති බවත් මේ වනවිට වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

පසුගිය කාල සීමාව තුළ මෙරට රජයේ වෙබ් අඩවි රැසකට මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල විය.

Facebook
Twitter
LinkedIn