රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතාට සහ ඒ මහතාගේ දූ දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට නාඳුනන පිරිසක් විසින් දුරකථනයෙන් මරණීය තර්ජන කිරීම පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඉහළ පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලබමින් රත්නපුර නගරයේ දීර්ඝකාලයක සිට පවත්වාගෙන ගිය කැරොකේ රාත්‍රී සමාජ ශාලාවක් වැටලීමෙන් පසු දිගින් දිගටම ජයකොඩි මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී ඇති නාඳුනන පුද්ගලයන් ” වැඩිය දඟලන්න එපා පවුල් පිටින් මරා දමනවා” යෑයි කියමින් එම මහතාට තර්ජනය කර ඇති බව වාර්තා වෙයි.
මේ වනවිට ඒ මහතාට විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ලබාදීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.
රත්නපුර නගරයේ දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගිය කැරොකේ රාත්‍රී සමාජ ශාලාවක් වටලා එහි සිටි කාන්තාවන් පිරිසක් සහ නීතිවිරෝධී මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළ අතර මෙම මෙහෙයුම සඳහා රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පෞද්ගලිකවම සහභාගී වී තිබේ.
ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන්ගේ සහ දේශපාලන බලවතුන්ගේ රැකවරණය ලබමින් මෙම කැරොකේ සමාජ ශාලාව පවත්වාගෙන යැම නිසා පොලිසිය කිසිම අවස්ථාවක එය වැටලීමට කටයුතු කර තිබුණේ නැත.









