කාසල් හි “ඉන්ෆ්ලුවන්සා ඒ” පැතිරේ – ගැබිනි මව්වරන් දෙදෙනෙක් මරුට

කොළඹ කාසල් කාන්තා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ “ඉන්ෆ්ලුවන්සා ඒ” වෛරසය පැතිර යාම නිසා එහි ප්‍රතිකාර ලබමින් සිටි මව්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් මවක් අසාධ්‍ය තත්වයට පත්ව සිටී.‌ එක් මවක් පෙරේදා (23) සවස මියගොස්‌ තිබේ.

පෙරේදා සවස මිය ගිය මව බොහෝ කලක්‌ දරුවන් නොමැතිව සිට ප්‍රථම දරු ප්‍රසූතියට සූදානමින් සිටි මවකි. එම මව් කුස සිටි බිළිඳා මව මිය යාමට පෙර මිය ගොස්‌ තිබේ. ඇය දැරණියගල ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක බවද වාර්තා වේ.

මෙහි “ඉන්ෆ්ලුවන්සා ඒ”  විෂ බීජය පැතිර යන බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය විසින් ඊයේ (24) තහවුරුකරගෙන තිබේ.

මෙම වෛරසය දුර්ලභ ගණයේ වෛරසයක්‌ නොවන අතර එය වසරකට කිහිපවරක්‌ වාර්තා වන්නක්‌ බව වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

Facebook
Twitter
LinkedIn