විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව රටපුරා වැඩබිම්වල විරෝධතා

සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ දමමින් ජනතාව මත අධික බර පටවන වත්මන් ආණ්ඩුව මේ වනවිට නොසිතූ විරූ ලෙස විදුලි බිලද ඉහළ දමා ඇති අතර මෙම අසාධාරණ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව වැඩබිම්වල විරෝධතා ක‍්‍රියාමාර්ග අරඹා ඇත.

ඒ අනුව විරෝධතා ක‍්‍රියාමාර්ග අරඹමින් හෙට (24) දින දහවල් 12ට මරදාන ටෙක්නිකල් හංදිය දුම්රිය මූලස්ථානය ඉදිරිපිටත්, වරාය දොරටුව ඉදිරිපස කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදීත්, විදුලි බල මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදීත්, සමස්ත ලංකා සුව සේවා සංගමය හා සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදීත්, බොරැල්ල රජයේ මුද්‍රණාලය ඉදිරිපිටදීත්, රත්මලාන ජල සම්පාදන මණ්ඩල මුලස්ථානය ඉදිරිපිටදීත් ජනතා පෙත්සම් අත්සන් කිරීම සිදුකරනු ලැබේ. හෙටදිනම දහවල් 01.00ට රත්මලාන ප‍්‍රධාන යාන්ත‍්‍රික ඉංජිනේරු කාර්යාලය 03 ගේට්ටුව ඉදිරිපිටදීත් මෙම පෙත්සම් අත්සන් කිරීමේ කටයුත්ත සිදුකිරීමට නියමිත බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසයි.

Facebook
Twitter
LinkedIn