මැතිවරණ කොමසාරිස්වරයාගේ ක්‍රියා පද්ධතිය ප්‍රමාණවත් බැවින් මැතිවරණ කොමිසමක් අවශ්‍ය නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) අරලියගහ මන්දිරයේ පැවසීය.
මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මාසික හමුවේදී, උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට පෙර මැතිවරණ කොමිසම පත්කරන්නේද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා එසේ පැවසුවේය.
උතුරු පළාත් සභා ඡන්දය ලබන සැප්තැම්බර් මාසයේ අනිවාර්යයෙන්ම පවත්වන බවත් එය ප්‍රමාද කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
Views: 0









