ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා හතරක් ක්‍රියාත්මකව තිබියදීත් 2012 වසර තුළදී විදේශයෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු ආනයනය කිරීම සඳහා පමණක් රුපියල් කෝටි හාරසීය දහ අටක (රු. 4,180,000,000) මුදලක් රජය වැයකර තිබේ. එම මුදල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 41.8කි.
මෙම මුදල් වැයකර තිබෙන්නේ ටින් මාළු මෙට්‍රික් ටොන් 18,857ක් ආනයනය කිරීම සඳහාය.
මෙරට කර්මාන්තශාලා හතරෙන්ම නිෂ්පාදනය කෙරෙන්නේ දිනකට ශූද්ධ මාළු බර ග්‍රෑම් 280 බැගින් වූ ටින් 38,000ක් පමණි. එමගින් ආවරණය කෙරෙන්නේ සමස්ත වෙළෙඳපොළ සැපයුමෙන් 22%කි.
කෙසේ නමුත් මෙම කර්මාන්ත ශාලා විවෘත කරමින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටහමුවේ පැවසූවේ මෙහි නිශ්පාදනයෙන් 80%කින් මෙරට ටින් මාළු අවශ්‍යතාව සැපිරෙන අතර ඉතිරි 20% පිටරට පටව බවයි.
Views: 0









