අදත් දඹුලු එළවළු කුණුගොඩට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ පහතරට එළවළු කිලෝ ග්‍රෑම් 50,000කට අධික ප්‍රමාණයක් අලෙවි කිරීමට නොහැකි වීම හේතුවෙන් අද (21) දිනයේද බැකෝ හා ටිපර් ආධාරයෙන් කුණුගොඩකට දැමූ බව ගොවීහු පවසති.

කැකිරි, පිපිඤඤා, මෑකරල්, වම්බටු, දඹල , බණ්ඩක්කා වැනි එළවළු මෙලෙස ඉවත දමා ඇත.

මෙම එළවළු කිලෝව රුපියලකට හෝ අලෙවි නොවු බව ඔවූහු කියති. බෝහෝ එළවළු දින කිහිපයක් ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩ ගැසී තිබී ඇත.

මීට කලින් එළවළු කිලෝ ග්‍රෑම් 40,000ක් කුණු ගොඩට දැමූ පුවත දුටු ජනපති  සතොස ට නියෝග කළේ අතිරික්ත එළවළු මිලට ගන්නා ලෙසයි. එළවළු පිළිබඳ එම නියෝගය දින දහයක් පමණක් ක්‍රියාත්මක විය.


Facebook
Twitter
LinkedIn