විදුලි බිල වැඩි කළේ ජනතා සුබසෙතටයි – කෙහෙළිය

විදුලිය බිල වැඩි කිරීමට ආණ්‌ඩුව තීරණය කරනු ලැබුයේ රටේ සුබසිද්ධිය හා ජනතාවගේ යහපත ගැන හොඳින් සොයා බැලීමෙන් පසුව බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කෙසේ නමුත් ජලය, ඉන්ධන සහ විදුලිය මෙන්ම මීට පෙර අවස්ථා ගණනාවකදී බඩුමිල වැඩිකිරීමේදීද මැති ඇමතිවරන් ඇතුළු රජයේ නියෝජිතයින් හුවාදැක්වීමට උත්සාහ කළේ මෙම මිල වැඩිකිරීම් මගින් ජනතාව පීඩාවට පත්වන්නේ නැති බවත් එයින් ජනතාවටම යහපතක් සිදුවන බවත්ය.

එනමුත් මේ වනවිට රටේ ජනතාව තම ආර්ථික හැකියාව මත ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සපයාගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී.

Facebook
Twitter
LinkedIn