ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළු වේ – ලංකාව 89 වන තැනට

Economist සඟරාවට අනුබද්ධ ලෝක ආර්ථික විශේෂඥයින්ගේ ඒකකය (Economist Intelligence Unit) විසින් සිදුකරන ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් ලැයිස්තුගත කිරීමේදී 2012 වර්ෂයේ ලංකාව 89 වැනි ස්ථානයට පත්වී තිබේ.

2011  වර්ෂයේ එම වාර්තාවේ ලංකාව 57 වන ස්ථානයේ සිටි අතර පසුගිය වසර තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සීඝ්‍ර ලෙස පිරිහීමට ලක්ව ඇති බව එම වාර්තාව තහවුරු කරයි. 2011 වර්ෂයේ ශ්‍රී ලංකාව රැඳී සිටියේ පළුදු සහිත ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කාණ්ඩයේ වන අතර මේවන විට ශ්‍රී ලංකාව දෙමුහුන් ඒකාධිපති කාණ්ඩයට වැටී තිබේ.

මෙම වාර්තාව විදෙස් ආයෝජකයින් විසින් ආයෝජනය කිරීමේදී සැලකිල්ලට ගනු ලබන ප්‍රධාන පෙළේ වාර්තාවක් බව ප්‍රකාශ වේ.

එම වාර්තාවට අනුව ලෝකයේ 1, 2 සහ 3 ස්ථානවලට පත්ව තිබෙන්නේ, නොර්වේ, ස්වීඩනය සහ අයිස්ලන්තය යන රටවල්ය.

2011 වාර්තාව


Facebook
Twitter
LinkedIn