හෙන්රි ජයසේනගේ හුණුවටයේ කතාව නාට්‍යයේ සයිමන් සෂාවාගේ චරිතයට පණ පෙවූ සැන්ටින් ගුණවර්ධන මහතා 16 වනදා අභාවප්‍රාප්ත විය.
හෙන්රි ජයසේනගේ ජනේලය නාට්‍යයෙන් වේදිකාවට පිවිසි ප්‍රවීන වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු වූ සැන්ටින් මහතා මනරංජන වැඩවර්ජන, අහස් මාලිගා, අපට පුතේ මගක් නැතේ, දිරිය මව සහ ඇගේ දරුවෝ, යන නාට්‍යවල පුධාන චරිතවලට ජීවය දුන්නේය.
එසේම සයිමන් නවගත්තතේගමගේ සුභ සහ යස නාට්‍යයේ යස චරිතයටද, චූලා කාරියවසම්ගේ සිරිත් විරිත් සහ ජුලියට් සීසර් වැනි නාට්‍ය වලට රංගන දායකත්වය දැක්වීය.
මීට අමතරව සිනමාපට කිහිපයක සහ ටෙලි නාට්‍යවලටද රංගන දායකත්වය දැක්වූ ඒ මහතා මිය යන විට අවුරුදු 75 ක් විය.
Views: 0









