පසුගිය දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍යසංගමය ඇතුළු ශිෂ්‍ය සංගම් 6ක් සඳහා පැනවූ තහනම ඉවත්කිරීමට මේවන විට කටයුතු යොදා ඇතැයි විශ්වාස කටයුතු ආර්න්චිමාර්ග සඳහන් කරයි.
පසුගිය 21 වනදා (දෙසැමිබර් 21) විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් විසින් පාගමනක් සංවිධානය කර තිබූ අතර එය ආරම්භවීමට නියමිතව තිබුනේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙනි. ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහිව හා පවතින දැඩි ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් මෙම පාගමන සංවිධානය කර තිබූ අතර 24 වන දින දැවැන්ත විරෝධතා රැලියක් කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබිණ. ශිෂ්‍යයන්ගේ මෙම විරෝධතාවයන් වලක්වමින් අධිකරණ නියෝගයක් පවා ලබා ගනිමින් කටයුතු කළ ආණ්ඩුව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ලවා මෙම ශිෂ්‍ය සංගම් තහනම් කිරීම කරවන ලදී. කෙසේ නමුත් අපට ලැබී ඇති තොරතුරු අනුව ශිෂ්‍යයන් දිගින් දිගටම අරගල කිරීම සහ පසුගිය දා නිකුත්වූ උසස්පෙල ප්‍රථිඵල විකුර්තියනිසා ආණ්ඩුවට දිගින් දිගටම එල්වන අප්‍රසාදය හේතුවෙන් ආණ්ඩුවට බරපතල අර්බුදයක් නිර්මානයවී ඇත. ශිෂ්‍යන් ගෙන ගිය අරගලයද එයට ප්‍රබල හේතුවක් වී ඇත. පවතින තත්වයට මුහුනදීය නොහැකි වූ ආණ්ඩුව මේ වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යසංගම් තහනම ඉවත්කිරීමට අදාල කටයුතු සූදානම් කරමින් සිටින අතර බොහෝ විට ලබන සඳුදා වන විට මේපිළිබඳ ලිකිත දැන්වීමක් අදාල ශිෂ්‍ය සංගම් වෙත නිකුත්කරනු ඇත.









