රිය අනතුරකින් පුද්ගලයෙකු මියයයි

මොණරාගල, පොතුවිල් ප්‍රධාන මාර්ගයේ සිරිගල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

නවතා තිබූ ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් අද(31) අලුයම සිදුවූ මෙම අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇත.

ඔහු වරාලන්ද, ඔටුගම්මන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ‍වැඩිදු‍ර පරීක්ෂණ මොණරාගල පොලිසිය මෙහෙයවයි.

 

Facebook
Twitter
LinkedIn