නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය පෙරේදා (07) පෙරවරුවේ සිට සහ කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය විදුලි බලාගාර දෙක ඊයේ (08) යළි අක්‍රියවීම නිසා ඊයේ රටපුරා ප්‍රදේශ රැසක විදුලි බිඳවැටීම් සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.
ඊයේ (08) කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරය යළි ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කළද, නොරොච්චෝල බලාගාරය රාත්‍රි වනවිටත් පරීක්ෂණවලට ලක් කරමින් තිබූ බවද එම නිලධාරියා හෙළි කරයි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මගින් මෙගොවොට් 300ක්ද, කෙරවළපිටිය ද්විත්ව චක්‍රීය බලාගාරයෙන් මෙගොවොට් 290ක්ද පමණ නිපදවන අතර නොරොච්චෝල බලාගාරය, අවස්ථා ගණනාවකදීම අක්‍රිය වූ අතර යළි එය සකස් කිරීමට දින ගණනක් ගත වූ බවද එම නිලධාරියා පවසයි.
කෙසේ වෙතත් පුද්ගලික ඩීසල් (තාප) බලාගාර වලින් අධික මිල ගණන්වලට විදුලිය ලබාගෙන විදුලි බිඳවැටීම් වළකාගත් බවද බලාගාර දෙක හදිසියේ අක්‍රිය වීමට හේතුව තවමත් සොයාගෙන නොතිබූ බවද එම නිලධාරියා තවදුරටත් පවසයි.
නොරොච්චෝල බලාගාරය යළි අක්‍රියවීම වුවහොත් විදුලිබල මණ්ඩලයේ මූල්‍ය අර්බුදය තවත් දරුණු වනු ඇති බවත් සිංහල අවුරුදුවලින් පසුව විදුලි ගාස්තු වැඩිකිරීමට සැලසුම් කරන බවද එම නිලධාරියා කියා සිටී.









