කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීමට ගිනි අවිය ලබාදුන්, දැනට විදේශගතව සිටින ඉනේෂ් නිශාන් එදිරිසිංහ නමැත්තා ශ්‍රී ලංකාවට පැමිණිය හොත් අත්අඩංගුවට ගන්නා ලෙසට දුන් නියෝගය කටුනායක ගුවන්තොටුපළට දැන්වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රංජිත් මුණසිංහ මහතා මහර අධිකරණයට ඊයේ (8) දැනුම් දුන්නේය.
ඔහු හතර වැනි විත්තිකරු වන සරත් එදිරිසිංහ යන අයගේ පුත්‍රයා ය. සරත් එදිරිසිංහ යනු මර්වින් සිල්වා මහතාගේ පුද්ලගික ලේකම්වරයෙකි.
පළමු වැනි හා දෙවැනි විත්තිකරුවන් විසින් මෙම අපරාධය සඳහා යොදාගත් අංක ඩබ්ලිව්. පී. එච්. ඩී. 7047 දරන යතුරුපැදියේ අංක තහඩු, අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට ලබා ගත් වාර්තාවද පොලිස් පරීක්ෂක වරයා විසින් අධිකරණයට භාර දෙනු ලැබිණි.
මහර වැඩබලන මහෙස්ත්‍රාත් බර්නි අල්විස් මහත්මිය වැඩිදුර පරීක්ෂණය අප්‍රේල් 18 වැනි දින දක්වා කල් තබා පළවැනි දෙවැනි තෙවැනි සහ විත්තිකරුවන් වන සුජිත් රංගකුමාර, අශේන් චතුරංග වීරසේකර, අසෝක කුමාර පෙරේරා යන අයවළුන් එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.









