පෞද්ගලික බස් හිමියෝ උපවාස කරති

මාස තුනක්‌ ඇතුළත පෞද්ගලික බස්‌ සඳහා සේවා ගාස්‌තුව 50% කින් ඉහළ දැමීම පිළිබඳව විරෝධය දැක්‌වීමට අද (09) පෞද්ගලික බස්‌ සම්මේලනය මාරාන්තික උපවාසයක්‌ අරඹන බව වාර්තාවේ.

බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය ඉදිරිපිටදී අද පෙරවරු 9.00 ට එම සම්මේලනයේ සභාපති ස්‌ටැන්ලි ප්‍රනාන්දු, ලේකම් අංජන ප්‍රියන්ජිත්, ප්‍රධාන සංවිධායක ගමගේ සුමනදාස යන මහත්වරුන් ඇතුළු පස්‌දෙනෙක්‌ මෙම උපවාසයට සහභාගි වෙති.

පෞද්ගලික බස්‌ සඳහා ලොග් බලපත්‍ර, මාර්ග බලපත්‍ර සහ මාර්ග බලපත්‍ර සංශෝධිත යන සේවා ගාස්‌තු පසුගිය ජනවාරි මස සිට ඉහළ දැමූ අතර එය නැවතත් මේ මස 01 වැනිදා සිට 50%කින් ඉහළ දැමීමට විරෝධය දැක්‌වීමට මෙම උපවාසය පවත්වන බවත් ඔවූහු පවසති.

Facebook
Twitter
LinkedIn