එල්. එල්. ආර්. සී. වාර්තාව (උගත් පාඩම් කොමිසන් වාර්තාව) ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තරයට බැහැ අපේ රටට බලපෑම් එල්ල කරන්න. එල්. එල්. ආර්. සී. ක්‍රියාත්මක කිරීමෙන් පසුව ජාත්‍යන්තරය අපේ රටට බලපෑම් කළහොත් අපත් ඊට එරෙහිව රජය සමග එකට ක්‍රියා කරනවා යෑයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා එසේ ප්‍රකාශ කළේ තොටලඟ පන්සල්වත්ත ක්‍රීඩා පිටියේ පෙරේදා පැවැති ජනහමුවකට සහභාගි වෙමිනි. එම අවස්ථාවට උතුරු කොළඹ එජාප ප්‍රධාන සංවිධායක රවී කරුණානායක මහතා සහ එජාප මහජන නියෝජිතයින් කිහිප දෙනෙක්ම සහභාගීවී සිටියහ.
Views: 0









