මාතලේ සමූහ මිනීවලේ කාලවකවානු නීර්ණය සඳහා කාබනික පරික්ෂාවක් සිදුකරන බව ආණ්ඩුව කියයි. ජාතික ආරක්ෂකාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ලක්ෂ්මන් හුලුගල්ල මහතා කියා සිටින්නේ යම් යම් කරුණු ප්‍රමාණයක් තිබුණත් මාතලේදී හමුවූ ‘සුශානභූමියේ’ තිබූ මළ සිරුරු කුමන කාලයකට අයත්දැයි තවමත් කිව නොහැකි බවයි.
මේ පිළිබඳව තවදුරටත් රහස් පොලිසිය මගින් පරීක්ෂණ සිදුකරන බවත් මේ ප්‍රදේශයේ නාය යාමක් ගැන වාර්තා වී ඇති බවත් මේ ප්‍රදේශයේ කලකට ඉහතදී සුශාන භූමියක් තිබී ඇති බවත් ඔහු පවසයි.
මේ අතර ජනාධිපතිවරයා විසින් පත්කිරීමට තීරණය කළ ජනාධිපති කොමිසමට සාමාජිකයින් පත්කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බවද ඔහු කියයි.
මේ අතර පසුගියදා අධිකරණයට ඉදිරිපත් වූ විශේෂ වාර්තාවක් මගින් මෙම මළසිරුරු වදදී ඝාතනයට ලක්කර සමූහ වශයෙන් වළදමා ඇති බවත් එම සිරුරු 86-90 කාලයට අයත් ඒවා බවත් තහවුරු කළේය.
ඒ පිළිබඳව මේ වනවිට ඝාතනයට ලක්වූවන්ගේ පවුල් වල සාමාජිකයින් සාක්ෂි රටට හෙළිදරව් කරමින් පවතී.
මේ අතර හුලුගල්ල මහතා පවසන්නේ නාගරික සංවර්ධන අධිකාරිය රටේ සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් සිදුකරන බවත් වෙබ් අඩවියක් මගින් ඝෝඨාභය රාජපක්ෂ මහතාට මඩ ගසන ව්‍යාපෘතියක් ක්‍රියත්මක කරන බවත්ය.









