ලංකා විදුලි බල මණ්‌ඩලයේ මූල්‍ය අර්බුදය උග්‍රවන ලකුණු

ලංකා විදුලි බල මණ්‌ඩලයේ මූල්‍ය අර්බුදය ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින්නේයැයි වැාර්තාවේ.

 

මේ වනවිට විදුලි බල මණ්‌ඩලය විසින් බාහිර පාර්ශ්වයන්ට රුපියල් කෝටි 8,040ක පමණ ණය මුදලක්‌ පියවීමට තිබීම, තෙල් සංස්‌ථාව විසින් විදුලි බල මණ්‌ඩලයට සපයන ඉන්ධන වෙනුවෙන් ලබා දී තිබූ ඉන්ධන සහනාධාරය ඉකුත් අප්‍රේල් මස 01වැනිදා සිට ඉවත් කිරීම සහ කෙරවලපිටිය බලාගාරයට දැවි තෙල් ලබාදීම නතර කිරීම යන කරුණු මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි වාර්තා වේ.

විදුලි බල මණ්‌ඩලය විසින් මහජන බැංකුවට රුපියල් කෝටි 4,200ක්‌ද පෞද්ගලික විදුලි බල නිෂ්පාදකයන්ට රුපියල් කෝටි 2,100ක්‌ සහ තෙල් සංස්‌ථාවට රුපියල් කෝටි 1,740ක්‌ ගෙවිය යුතුව තිබේ. එසේම තෙල් සංස්‌ථාවේ ඉන්ධන සහනය අහිමිවීම නිසා වසරකට කෝටි 2,640ක පමණ අමතර වියදමක්‌ සහ කෙරවලපිටිය බලාගාරයට ලබා දෙනු ලැබූ දැවිතෙල් සැපයීම නතර කිරීමෙන් දිනකට කෝටි දෙකක පමණ තවත් අමතර වියදමක්‌ද දැරීමට ලංකා විදුලි බල මණ්‌ඩලයට සිදුව තිබේ.

කෙරවලපිටිය බලාගාරයට දැවිතෙල් සැපයීම නතර කිරීම නිසා, අවශ්‍ය වන විදුලිබල ධාරිතාව සපයා ගැනීම සඳහා කැලණිතිස්‌ස ඩීසල් විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට මණ්‌ඩලයට සිදුව ඇති අතර දිනකට රුපියල් කෝටි 2ක පමණ අමතර වියදමක්‌ මණ්‌ඩලයට දැරීමට සිදුව ඇත්තේ ඒ වෙනුවෙනි.

Facebook
Twitter
LinkedIn