බැලූ බැල්මෙන් මෙය පරණ යකඩ බඩු කඩයට සුදුසු පරණ, දිරාපත් වූ බයිසිකලයකි.
දිරාපත් වුවද, මෙය පවුම් 50,000කට පමණ වෙන්දේසි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
1906 ඉන්දියන් කැමල්බැක් යතුරුපැදියක් වන මෙහි වටිනාකම රැඳී ඇත්තේ එහි දිරාපත් වූ ස්වභාවයේ වීම විශේෂයි.
‘ඉන්දියන් මෝටර්සයිකල් මැනුෆැක්චරින් කම්පනි’ නම් සමාගම විසින් නිෂ්පාදනය කර ඇති මෙම යතුරුපැදි වර්ගය ඇමෙරිකාවේ හාර්ලි ඬේවිඩ්සන් යතුරුපැදි හා කලක් වෙළඳපොලේ කරට කර සිටියද, 1953දී මෙම සමාගම බංකොලොත් විය.
මෙම යතුරුපැදිය ජනවාරි 12 දින ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වෙන වෙන්දේසියකදී වෙන්දේසි වීමට නියමිතයි.
7









